පැරිස් ප්‍රහාරයෙන් අනතුරුව ඇනෝනිමස් කණ්ඩායම ISIS ට එරෙහිව යුධ ප්‍රකාශ කරයි
ලොව පවතින විශාලතම සහ ප්‍රභලම සයිබර් ක්‍රියාකාරී සංවිධානය වන ඇනෝනිමස් සංවිධානය ISIS සංවිධානයට එරෙහිව කටයුතු අරඹන බව වීඩියෝ පණිවිඩයක් ඔස්සේ ප්‍රකාශයට පත්කොට තිබේ.
ප්‍රංශයේ සිදුවූ ප්‍රහාරයත් සමඟ මොවුන් මෙම තීරණය පැමින තිබේ. ඇනෝනිමස් ක්‍රියාකාරීන් විසින් මේවනවිට ලොව සිදුවූ නොයෙක් ආසාධාරණකම් වලට විරුද්ධව සයිබර් ප්‍රහාර 100කට ආසන්න ප්‍රමාණයක් එල්ලකොට ඇති අතර ISIS ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම බඳවාගැනීමේ ප්‍රධානතම මාර්ගය වන අන්තර් ජාලය ඔස්සේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට බාධා සිදුකිරීම ISIS ත්‍රස්තවාදීන්ගේ කටයුතු වලට සැලකිය යුතු බලපෑමක් එල්කරනු ඇති.
මෙම ප්‍රහාරය යටතේ මේවනවිට ISIS ත්‍රස්තවාදීන්ට අයත් Twitter ගිනුම් 10,000ට අධික ප්‍රමාණයක් අක්‍රියකොට ඇති බව වාර්ථා වේ.

No comments:
Post a Comment