IS සටන්කාමීන් මුලිනුපුටා දමන බවට ඔබාමාගෙන් ප්‍රතිඥාවක්!! - CPGHD

Like Us

test banner

Home Top Ad

Monday, September 8, 2014

IS සටන්කාමීන් මුලිනුපුටා දමන බවට ඔබාමාගෙන් ප්‍රතිඥාවක්!!


IS සටන්කාමීන් මුලිනුපුටා දමන බවට ඔබාමාගෙන් ප්‍රතිඥාවක්
IS සටන්කාමීන් මුලිනුපුටා දැමීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසයි.
විදෙස් වාර්තා සඳහන් කළේ, IS සටන්කාමීන් විනාශ කිරීමේ මෙහෙයුම අමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලබන බදාදා ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිත බව ය.
මීට පෙර IS සටන්කාමීන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය.
අමෙරිකානු  රැපවාහිනී නාලිකාවක් අමතා බැරක් ඔබාමා ප්‍රකාශ කළේ, IS සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින භූමි ප්‍රදේශ නිදහස් කර ඔවුන් පරාජය කරන බව ය.
එම අභියෝගයට මුහුණ දීමට හැකි වන පරිදි අමෙරිකානු පුරවැසියා ශක්තිමත් කළ යුතු බව ද ඔබාමා පවසා ඇත.
කෙසේ වෙතත් ඉරාකයේ සහ සිරියාවේ සිටින IS සටන්කාමීන් වෙත ගොඩබිමෙන් ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර නොමැත.
මේ අතර අරාබි ලීගය IS සටන්කාමීන් පරාජය කිරීමට සිය පූර්ණ සහයෝගය පළ කරන බව ප්‍රකාශ ක‍ර තිබේ.

No comments:

Post a Comment